bloodshot sinhala sub

Bloodshot (2020) Sinhala Sub |සිංහල උපසිරැසි සමඟ

IMDb 5.7
Google Users 88% 👍
Drama/Fantasy
Run Time 1h 49m
release: 2020 February 20
Director: David S. F. Wilson

bloodshot sinhala subtitle

Bloodshot 2020 කියලා කියන්නෙ ඇමරිකානු සුපර් හීරෝ චරිතයක් බේස් කරගෙන නිර්මාණය කරපු දැවැන්ත සිනමාපටයක්. මේ චිත්‍රපටිය Valiant Comics සිනමා විශ්වය තුළ නිර්මාණය කරපු චිත්‍රපට මාලාවක පළමුවෙනි චිත්‍රපටිය කියලා කිව්වත් හරි. ඒ කියන්නෙ ඉතින් මේ චිත්‍රපටිය එක චිත්‍රපටියකින් නිමා වෙන්නෙ නෑ. මේ චිත්‍රපටියෙන් පස්සෙ අපිට මේකෙම තවත් චිත්‍රපටි බලාගන්න පුළුවන් වෙනවා. IMDb පැත්තට ගියොත් ඒ පැත්තෙන් නම් ලොකු Ratings එකක් බලාපොරොත්තු වෙන්න බෑ. IMDb 5.6 ක් වගේ අඩු අගයක් තමයි මේ චිත්‍රපටියට අරගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. හැබැයි ගූගල් පරිශීලකයන්ගෙ 85% 👍 කැමැත්තක් ගන්න මේ චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. Ratings අඩු උනාට හොඳම චිත්‍රපටියක් කියලා බය නැතුව කියන්න පුළුවන්. Vin Diesel ගෙ රසිකයොන්ට නම් ඉතින් හොඳම චිත්‍රපටියක් තමයි මේක. එහෙම කිව්වට අනිත් අයට වැඩක් නැති එක්කුත් නෙවෙයි.(bloodshot sinhala sub)

bloodshot sinhala sub

මේ Bloodshot චිත්‍රපටය නිර්මාණය කරනවා කියලා පළවෙනියටම දැනුම් දෙන්නෙ 2012 දි.
ඒ අනූව 2018 මාර්තු මාසයේදි Vin Diesel ව ප්‍රධාන චරිතය තෝරාගන්නවා.
සෙසු නළු නිළියන් ඊළඟ මාස කිහිපය තුළ තෝරාගන්න කටයුතු කරලා තියෙනවා.
මේ චිත්‍රපටියෙ රූගත කිරීම් 2018 අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවෙදි ආරම්භ වෙලා ඔක්තෝබර් මාසය දක්වා රූගත කිරීම් සිදුවුණා.

bloodshot sinhala subtitle

චිත්‍රපටියෙ ස්ටෝරි එක ගැනත් පොඩ්ඩක් කියන්න ඕන කියල හිතුනත්,
මේ වගේ සුපිරි ෆිල්ම් එකක් ස්පොයිල් නොකරම බලන එක හොඳ නිසා කිසි දෙයක් නොකිය ඉන්න එක හොඳයි කියල හිතුනා

bloodshot sinhala subtitle

SONY Pictures ආයතනය 2020 මාර්ත මසු 13 වන දින එක්සත් ජනපදයේ තිරගත කිරීම් ආරම්භ කරත් මම කලින් කිව්වා වගේම COVID – 19 වෛරසය නිසාවෙන්ම ඒ තිරගත කිරීම මාසයක් වැනි කෙටි කාලයකට සීමා වෙනවා. ඒ මාසය පුරාවට විතරක් ඩොලර් මිලියන 26 ක ආදායමක් උපයා ගන්න මේ චිත්‍රපටිය සමත් වෙනවා. අති සාර්ථකව තිරගත කිරීම් නිමා කරන්න බැරි උනත් සාර්ථක චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. ආයෙ ඉතින් Vin Diesel ව බලාගන්න පුළුවන් වෙන්නෙ Fast & Fiurous 9 චිත්‍රපටිය හරහා තමයි. ඒත් ඉතින් මේ COVID – 19 වෛරසය හින්දා ඒකත් දින නියමයක් නැතිවම කල් ගියානෙ. F & F විතරක්ම නෙවෙයි ඉදිරියේදි තිරගත වෙන්න තිබුණ හැම චිත්‍රපටියක්ම දින නියමයක් නැතිවම කල් යනවා. ඒ කොහොම උනත් ආයෙ ප්‍රසිද්ධ චිත්‍රපටියක් අපිට බලාගන්න වෙන්නෙ මේ වෛරසය ඉවරයක් උනාම තමයි.

bloodshot sinhala sub

සිංහල උපසිරැසි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *